කඩොලාන පරිසර පද්ධතිය - මාදුගඟ Sri Lanka 🇱🇰 🍃 # Trawelling #❤️

165
4
11
20.11.2023
Описание видео:

කඩොලාන පරිසර පද්ධතිය - මාදුගඟ Sri Lanka 🇱🇰 🍃 # Trawelling #❤️ සුන්දරත්වය සොයා යන විනෝදකාමීන් ගංගා ඇළදොළවල විනෝදවීමට දක්වන්නේ දැඩි කැමැත්තකි. එවැන්නන් අතර මාදු ගඟට විශේෂත්වයක් හිමිවන අතර මෙවර අපි ඔබ කැඳවාගෙන යන්නේ මාදු ගඟේ සුන්දර චාරිකාවකි. මාදු ගඟ පිහිටා ඇත්තේ මෙරට ප්‍රකට සංචාරක ඉසව්වක් වන ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය හා කරන්දෙණිය යන ප්‍රදේශ අතරය. ජෛව විවිධත්වයකින් හා සුන්දරත්වයකින් යුතු බලපිටිය මාදු ගඟ දකුණු ආසියාවේ තුන්වැනි රම්සා තෙත්බිම ලෙස ප්‍රකටය. ලංකාවේ ඉතා වටිනා කඩොලාන පරිසර පද්ධතියකට උරුමකම් කියන මාදු ගඟ අතීතයේදී දූපත් 64කින් සමන්විත පාරිසරික නිර්මාණයක් ලෙස හඳුන්වනු ලැබුවද මේ වන විට එහි දූපත් හැට හතරක් දැකිය නොහැකිය. ජල මට්ටම් ඉහළ යෑමෙන් ජලය තුළ ගිලී ගොඩබිමට සම්බන්ධ වීම, එක ළඟ ඇති කුඩා දුපත් යා වීම, පස ඛාදනය වී කුඩා දුපත් දියවී යෑම ආදී කරුණු නිසා එහි දුපත් ගණන අඩුවන්නට ඇතැයි නිගමනය කළ හැකිය. මේ වන විට එය දූපත් 44කට සීමා වී තිබෙන අතර ඒ අතරින් කොත් දූව, මා දුව, මුවන්ගේ දූව, නයිදූව, සත පහේ දූව, ගෝන දූව, මිරල දූව, අප්පල දූව, ගල්මන් දූව, මඩ දූව ආදි දූපත් මාදු ගඟේ ස්වභාව සෞන්දර්යය කැටිකරගත් දූපත් ලෙස සැලකේ. එපමණක් නොව දුර්ලභ ගණයේ කඩොලාන වර්ග, සංචාරක කුරුලු විශේෂ, සමනල වර්ග, ක්‍ෂීරපායින්, විසිතුරු මසුන් වර්ග, උභයජීවීන් ආදීන්ගෙන් පිරී ගිය සුන්දර මාදු නදිය වනජීවී දෙපාර්තමේන්තුව මඟින් අභය භූමියක් ලෙස ද නම් කර ඇත. මාදු ගඟට අයත් දූපත් අතරින් විශාලතම දූපත හෙක්ටයාර 39කට ආසන්න වපසරියෙන් යුක්ත වන අතර එම දූපත හඳුන්වන්නේ මාදු යනුවෙනි. මාදු ගඟ යන නම ව්‍යවහාරයට පැමිණ ඇත්තේ ද මා දූව නිසා බවට විශ්වාස කෙරේ. පැරණි සාහිත්‍ය ග්‍රන්ථවල මාදු ගඟ පිහිටි ප්‍රදේශය හඳුන්වා ඇත්තේ වැලිතොට හෝ වැලිතර යන නමිනි. ගිරා සන්දේශය, පරෙවි සන්දේශය, මයුර සංදේශය හා සිදත් සඟරාවේ මෙම ප්‍රදේශය හඳුන්වා ඇත්තේ වැලිතොට යන නමිනි. කඩොලාන පරිසර පද්ධතියකට කදිම උදාහරණයක් වන මාදු ගඟ බෙරිය, රතුමිල්ල, කිරල, එළ කඩොල්, තෙලකීරිය හා මල් කඩොල් වැනි කඩොලාන ශාකවලින් පොහොසත්ය. රතුමිල්ල නම් කඩොලාන ශාකය මෙරටදී දැකගත හැක්කේ මාදු ගඟ ආශ්‍රිතව පමණි. මෙහි උරග විශේෂ 28ක්, උභයජීවී විශේෂ 13ක්, ක්ෂීරපායි විශේෂ 18ක්, සමනල විශේෂ 60ක්, මත්ස්‍ය විශේෂ 50ක් පමණ සිටිතැයි කියවේ. කුරුලු පාරාදීසයක් වන මාදු ගඟ ආශ්‍රිතව පක්ෂි විශේෂ ද 100ක් පමණ දැකගත හැකිය. මේ සියල්ල නිසා දේශීය හා විදේශීය සංචාරකයන් අතර මාදු ගඟ බෙහෙවින් ජනප්‍රිය ය. විශාල භුමි ප්‍රමාණයක් පුරා විහිදී තිබෙන මාදු ගඟ සංචාරකයන් අතර වඩා ප්‍රකට බෝට්ටු සවාරි සඳහාය. මාදු ගඟේ සුන්දරත්වයෙන් මුසපත් වන දෙස් විදෙස් සංචාරකයන්ට එහි සුන්දරත්වය රිසිසේ අත් විඳින්නට අවස්ථාව උදාකර දීමට එම බෝට්ටු සේවය ක්‍රියාත්මක වේ. මාදු ගඟේ චාරිකාව තමන්ට රිසි අයුරින් සකස් කර ගත හැකි අතර කඩොලාන පමණක් නැරඹීම, ගඟේ සම්පූර්ණ චාරිකාව හෝ කෙටි මාර්ගයෙන් යන චාරිකාව ලෙස එය තෝරාගත හැකිය. මාදු ගඟේත් දූපතේත් සියලු සුන්දරත්වය දැකගැනීමට නම් සම්පූර්ණ චාරිකාවක් යා යුතුය. කඩොලාන යටින් ගමන් කරමින් එහි සිසිලස විඳගනිමින් පරිසරයේ සුන්දරත්වය විඳිමින් යන ඒ ගමන අපූරුය. කඩොලාන පරිසරය පසු කරමින් ඉදිරියට ගමන් කරන විට මත්ස්‍ය සම්බාහන හෙවත් fish massage සිදුකරන අට්ටාල හමු වේ. එවැනි අට්ටාල කිහිපයක් මාදු ගඟේ තැනින් තැන පිහිටා ඇත. කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක් නැරඹීමටත් මුහුදු වෙරළේ නිස්කලංක සුන්දර සැන්දෑවක් ගතකිරීමටත් මේ සංචාරයේදී ඔබට අවස්ථාව සලසා ගත හැකිය. හදිසියේ කලබලයේ ගොස් ඒ සුන්දර දසුන් සියල්ලම නැරඹීමට නම් නොහැකිය. මාදු ගඟ සංචාරය වඩාත්ම ගැළපෙන්නේ නිදහසේ එහි දවසක් ගතකර එන්නට විවේකය ඇති අයටය. මාදු ගඟේ ඇති කුඩාම දූපත වන සත පහේ දූව එනමින් හඳුන්වන්නේ එය සත පහක හැඩයක් ගන්නා නිසාත් එකල එම දූපත කිසියම් කෙනකුට සත පහකට විකුණා ඇති නිසාත් බව ප්‍රදේශවාසීන්ගේ අදහසයි. එම දූපතේ ඉපැරණි හින්දු කෝවිලක් පවතින අතර එහි අදටත් සමහර පිළිම සහ නෂ්ටාවශේෂ දක්නට ඇත. මෙහි තවත් ප්‍රකට දූපතක් වන කුරුඳු දූවට යන ඕනෑම අයකුට කුරුඳු තැළීම සහ කුරුඳු තෙල් නිස්සාරණ ක්‍රියාවලිය ආරම්භයේ සිට අවසානය දක්වා දැකබලා ගත හැකිය. එහිදී කුරුඳු සම්බන්ධ නිෂ්පාදන ඉතා අඩු මිලට ලබා හැකි අතර එම දූපතේ වෙසෙන ජනතාවට ආර්ථික සවියක් වීමට ද ඉන් ඔබට හැකියාව ලැබේ. මෙම සංචාරයේදී ඔබේ නෙත ගැටෙන තවත් දසුනක් වන්නේ සුව සමාධි ආශ්‍රමය නම් පන්සලේ පහළ සිට ඉහළට එක පෙළට නිර්මාණය කර ඇති හිටි පිළිම වහන්සේලාගේ දසුනයි. එම දූපතේ කන්ද මුඳුනට වන්නට දාගැබ පිහිටා ඇති අතර එම ස්ථානයේ සිට බැලූ විට මාදු ගඟ සහ අවට දූපත් සියල්ල ඉතා අපූරුවට දිස් වේ. එමෙන්ම තවත් සුන්දර සහ සුප්‍රසිද්ධ විහාරයක් වන කොත් දූව පන්සල ද එහිදී දැකගත හැකිය. ගමන් මාර්ගය- කොළඹ-ගාල්ල අධිවේගි මාර්ගයෙන් කුරුඳුගහ හැතැක්ම පිටවීම් දොරටුවෙන් පිටවී කිලෝමීටර 15ක් පමණ ගෙවා බලපිටිය මාදු ගඟ පරිශ්‍රයට ළඟා විය හැකිය. දුම්රියෙන් යනවා නම් අලුත්ගම දුම්රිය ස්ථානයෙන් බැස අම්බලන්ගොඩ යන බස් රථයකින් මෙම ස්ථානයට ළඟා විය හැකිය. මාදු ගඟේ චාරිකාව තමන්ට රිසි අයුරින් සකස් කර ගත හැකි අතර කඩොලාන පමණක් නැරඹීම, ගඟේ සම්පූර්ණ චාරිකාව හෝ කෙටි මාර්ගයෙන් යන චාරිකාව ලෙස එය තෝරාගත හැකිය. මාදු ගඟේත් දූපතේත් සියලු සුන්දරත්වය දැකගැනීමට නම් සම්පූර්ණ චාරිකාවක් යා යුතුය. සුරේකා නිල්මිණි ඉලංකෝන්

Кадры из видео
කඩොලාන පරිසර පද්ධතිය - මාදුගඟ Sri Lanka 🇱🇰 🍃 # Trawelling #❤️
කඩොලාන පරිසර පද්ධතිය - මාදුගඟ Sri Lanka 🇱🇰 🍃 # Trawelling #❤️
කඩොලාන පරිසර පද්ධතිය - මාදුගඟ Sri Lanka 🇱🇰 🍃 # Trawelling #❤️
කඩොලාන පරිසර පද්ධතිය - මාදුගඟ Sri Lanka 🇱🇰 🍃 # Trawelling #❤️
Тэги из видео
Комментарии пользователей:
@VidushaMethsara-sr8wo
2023-11-21 11:22:04

VidushaMethsara-sr8wo

Thanks For Views 💗 Please Subscribe My Channel

මෙම චැනලය Subscribe කරල තියාගන්න මෙමගින් බොහෝ සංචාරය වීඩියෝ ඇතුලු අනෙකුත් වීඩියෝ නැරඹීමට අවස්ථා උදා වේ . ඉදිරියට තවත් බොහෝ වීඩියෝ ගණනාවක් මුදා හැරීමට නියමිතව ඇත . Trawelling 🍃 ගැන තොරතුරු දැන ගන්න ආස අය අනිවාරෙන් ම Subscribe කර bell icon එක ඔන් කරලා තියා ගන්න. ❤️

පෙර දමා තිබූ වීඩියෝ නැරඹූ සැමට ස්තූතියි 🙏

@VidushaMethsara-sr8wo
2023-11-20 13:48:53

youtube.com/channel/UCmKPTc61moNbwfhKhU1_oEA youtube.com/channel/UCmKPTc61moNbwfhKhU1_oEA

Please subscribe like 👍 and share 💗🍃

Что ищут прямо сейчас
外遊び 어벤져스 히어로 폴란드요리 어린이서점 프라이드퍼레이드 快活 Hello JuJu шоу павла воли 연쇄마법사 연속극 unRAID shazly MRGG S Iraq news chillclub Bamba goal iran walk 小樱 街机 iran vlog
Похожие видео